මිහිතලය නිර්මාණය වීමෙන් අනතුරුව එය සෞන්දර්යාත්මක කිරීමට දායක වෙලා තියෙන්නේ අපි ජීවීන් ලෙස සලකන ශාක හා සත්ත්වයින්. මේ ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ ඉතා කුඩා ව්‍යූහයක් වන අපේ පියවි ඇසට නොපෙනෙන ඒ කියන්නේ අපේ පියවි ඇසේ විභේදන බලයට වඩා දහස් ගුණයක විභේදන බලයක් තියෙන අන්වීක්ෂයකින් පමණක් දකින්න පුළුවන් සෛලයකිනුයි. මේ විභේදන බලය කියල කියන්නේ ආසන්නයේ ඇති ලක්ෂ්‍යයන් දෙකක් එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවයි. ඉතින් මිනිස් පියවි ඇසේ විභේදන හැකියාව 0.1 mm පමණ වෙනවා. අන්වීක්ෂයකින් මීට වඩා කුඩා දුරක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේකින් ජීවියෙක් නිර්මාණය වීම පුදුමයි නේද?
ජීවින් බිහිවීමේ ආරම්භයට විවිධ විද්‍යඥයින් විසින් විවිධ අර්ථ දැක්වීම් ලබා දුන්නත් වර්ථමානයේ පිළිගන්නේ අන්තඃ සහජීවී වාදයයි.
සෛලයක ව්‍යූහය සලකන කොට ජීව ලෝකයේ ව්‍යූහය අනුව සෛල වර්ග දෙකක් තිබෙනවා.
- ප්‍රාග් න්‍යෂ්ටික සෛලය
- සූ න්‍යෂ්ටික සෛලය
ප්‍රාග් න්‍යෂ්ටික සෛලය බොහෝ විට දක්නට ලැබෙන්නේ සංවිධාන මට්ටමෙන් ඉතා පහළ බැක්ටීරියා, සයන බැක්ටීරියා වැනි ජීවීන්ගේයි. මේ විදිහට කියනකොට මතක් වෙන්නේ අපට රෝග සාදන බැක්ටීරියාවන්.
ප්‍රාග් න්‍යෂ්ටික ජීවියෙක් සමන්විත වෙන්නේ තනි ප්‍රාග් න්‍යෂ්ටික සෛලයකින්. ඒ සෛලයේම මේ ජීවීන්ට චලනය වීම සඳහා උපාංග තිබෙනවා. උදාහරණ විදිහට පක්ෂම, කෂිකා හඳුන්වන්න පුළුවන්. පක්ෂම සමහර අවසථාවලදී බැක්ටීරියා මඟින් උපස්තර වලට සවිවීමට භාවිතා කරනවා. මේ සෛලයක පිටතින්ම සෛල බිත්තියත් ඊට අැතුලතින් සෛල ප්ලාස්මය වට කරමින් ප්ලාස්ම පටලයත් තිබෙනවා. මේ සෛල ප්ලාස්මය තුල චක්‍රීය DNA දාමයක්, 70 S රයිබසෝම අතිරේක DNA දාම සහිත ප්ලාස්මිඩ සහ තවත් පටල රහිත ඉන්ද්‍රයිකා විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සෛලවල කිසිම ඉන්ද්‍රයිකාවක් පටල වලින් ආවරණය වෙලා නැහැ. මේ ජීවීන් තුල පවතින DNA ජාන ඉංජිනේරු විද්‍යාවේ දී භාවිතා කරනවා.
සූ න්‍යෂ්ටික ජීවීන් නිර්මාණය වෙලා තිබෙන්නේ සූ න්‍යෂ්ටික සෛල වලින්. ජීවීන් වර්ගීකරණයේදී දිලීර සහ ඊට ඉහලින් ඇති රාජධානි සූ න්‍යෂ්ටික සෛල වලින් නිර්මාණය වෙලා තිබෙනවා. සූ න්‍යෂ්ටික ජීවීන් ගේ සෛල එකකට වඩා තිබුණත් කවුරුත් භාවිතා කරන යීස්ට් සෑදී ඇති දිලීරය සමන්විත වෙන්නේ තනි සූ න්‍යෂ්ටික සෛලයකින්. සූ න්‍යෂ්ටික සෛලයක තිබෙන DNA න්‍යෂ්ටි පටලයකින් ආවරණය වෙලා තිබෙන අතරම හිස්ටෝන ප්‍රෝටීන වටා ඒවා එතිලා තිබෙන්නේ. ඊට අමතරව පටලමය ඉන්ද්‍රයික වන මයිටකොන්ඩ්‍රියා, අන්තඃප්ලාස්මීය ජාලිකා, ගොල්ගි දේහ සත්ත්ව සෛල වලට හා ශාක සෛල වලට පොදු වගේම හරිතලව ශාක සෛලවල පමණක් දක්නට ලැබෙනවා. ඊට හේතුව වන්නේ හරිතලව වලට ආලෝක ශක්තිය මඟින් ආහාර නිපදවීමේ හැකියාවක් තිබීමයි.
ප්‍රාග් න්‍යෂ්ටික සෛල වලත් සූ න්‍යෂ්ටික සෛල වලත් පවතින න්‍යෂ්ටික අම්ල එනම් DNA ජාන ඉංජිනේරු විද්‍යාවේ දී විවිධ ආකාරයට භාවිතා වෙනවා. ඒ සඳහා DNA වල ව්‍යූහය ඉතා ප්‍රබලව ඉවහල් වෙනවා.
"න්‍යෂ්ටික අම්ල සහ ජීවීන්ගේ පැවැත්ම" තුලින් නැවත හමුවෙමු....
චතුරිකා සෙව්වන්දි