විශ්වය නැමැති උද්‍යානය තුළ සුපුෂ්පිත මානව සමාජය නැමැති පුෂ්ප මංජරියේ සුගන්ධවත් වූ මකරන්දය යෞවනයයි. අද්විතීය වූ ජවයෙනුත්, අසමසම ප්‍රඥා පාඨවයෙනුත් ස්වකීය ප්‍රතිභාව විශ්වය හමුවේ විද්‍යාමාන කරමින් අතීතයේ සේයා රූ ඔස්සේ අනාගතයට පියමනින නූතන යෞවනයන් නිරතුරු නුවණැසින් දිවිකතර තරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.
නිම්හිම් නොපෙනෙන සිප් සයුර තරණය කරනු වස් තුරඟ තරගයක යෙදෙන තත්කාලීන යුගයෙහි පෞරුෂ සංවර්ධනයෙහි ලා ක්‍රීඩාව අත්‍යවශ්‍ය වේ. එය හුදෙක් අක්ෂර ත්‍රිත්වයක සංකලනයක් පමණක් නොවන්නේ ඒ තුළ ගැබ් ව ඇති වාග් විෂයාතික්‍රාන්ත බව නිසාවෙනි.
මානව සන්තානගත චෛතසිකයන් දේශය, ජාතිය ආදී සීමා රේඛාවන්ගෙන් ඛණ්ඩනය කළ නොහැකි වුව ද ස්වාර්ථයෙන් ඔද වැඩුණු මිනිසුන්ගෙන් ගහණ වත්මන් සමාජයේ මාන්‍ය චිත්‍යාභ්‍යන්තරයේ මනුෂ්‍යත්වයේ බිජුවට රෝපණය කිරීමෙහි ලා ක්‍රීඩාව පරම ප්රතිෂඨාධාරකයක් වෙයි. එතුළින් ලැබෙන පන්නරය මඟින් ජීවන දැක්ම පුළුල් වූ කල සංකේන්ද්‍රගත ව තිබූ මානව මන්ය යදම් යකුළු, පවුරු සීමා බිඳ හෙළා උත්තුංග වූ සභ්‍යත්වයක් ගොඩ නඟයි.
image source: http://euxtra.com/en/wp-content/uploads/2013/09/Sport-and-education-call-from-Turkey-by-euxtra.jpg |
අසහාය ප්රයත්නයක කූඨප්රාප්තිය සනිටුහන් වන මේ සුයාමයේ දී මාගේ තෙළිතුඩෙන් සටහනක් තැබීමට ලැබීම මා ලද භාග්‍යක් ලෙස සලකන අතර ම ක්‍රීඩාව තුළින් සප්ත කිරුළු හිස අරා මනුදම් නැමැති පාවඩ පලස මතින් මනෝනන්දනීය හෙට දිනකට පිය මනින්නට 2015 ජාතික යෞවන ක්‍රීඩා උළෙල අයෝමය හස්තයක් වනු ඇතැයි උදක් ම ප්‍රාර්ථනා කරමි.
අර්ජුන උඩගෙආරච්චි
No comments:
Post a Comment