මිනිසා විසින් ස්ථිර වාසස්ථාන භාවිතා කරන අතරම කෘෂිකර්මාන්තය ද ආරම්භ කරන ලදි.
ක්‍රි.පූ. අවුරුදු 7 000 -
මැටියෙන් වලන් සෑදීමට මිනිසා අවබෝධයක් ලබා ගන්නේ මෙම කාල සීමාවේ දී ය. තව ද ආයුධ නිර්මාණය අතින් ද මිනිසා තවදුරටත් ඉදිරියට පැමිණේ. ගලින් නිම වූ පොරව, නියන ආදිය මෙන්ම කුඩා ගල් කටු, ගිනි ගලින් සෑදූ පිහි ආදිය මෙම කාල සීමාවේ දී නිර්මාණය විය.
ක්‍රි.පූ. අවුරුදු 6 000 -
මෙම කාලය වන විට මිනිසා තමා විසින් ම නිපදවා ගත් ගඩොල්, ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගන්නා ලදි.ගඩොල් පිළිස්සීම සඳහා පෝරණු භාවිතය ද මේ සමග ම ආරම්භ වී ඇත.
ක්‍රි.පූ. අවුරුදු 4 000 -
ලෝහ ( තඹ හා පිත්තල ) භාවිතය ඇරඹීම. අවි ආයුධ සහ විසිතුරු ආභරණ තැනීම සඳහා ලෝහ භාවිතා කරන ලදි.
තාක්ෂණිකයේ ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් වූ රෝදය සොයාගැනීම සිදු වූයේ මෙම කාලයේ දී ය.එමෙන් ම ගොවිතැන සඳහා නගුල භාවිතය ඇරඹීම ද මෙම කාලයේ සිදු විය. වළන් තැනීම සඳහා භාවිතා කරන කුඹල් සක සොයා ගන්නා ලදි.
ක්‍රි.පූ. අවුරුදු 3 000 -
සූර්ය හෝරා යන්ත්‍රය භාවිතා කිරීම ඇරඹීම. ධීවර කර්මාන්තයට සහ ඔරු මගින් යාත්‍රා කිරීමට මිනිසා මේ වන විට යොමු වී ඇත. ලෝකඩ වලින් යුද අවි සහ ශ්‍රම උපකරණ සාදා භාවිතා කිරීම ද මෙම කාලයේ ආරම්භ විය.
දැනට හමුවී ඇති ලොව පැරණිත ම සූර්ය හෝරා යන්ත්‍රය
නූතන ඝනක යන්ත්‍රයේ පූර්වජයා වන ඝනක රාමුව සොයා ගැනීම.
Source : http://en.wikipedia.org/wiki/History_of_sundials#mediaviewer/File:Ancient-egyptian-sundial.jpg |
ක්‍රි.පූ. අවුරුදු 2 600 -
ක්‍රි.පූ. අවුරුදු 2 000 -
අක්ෂ සිදුර සහිත රෝදය සොයා ගැනීම.
ක්‍රි.පූ. අවුරුදු 1 700 -
සුලං මෝල් නිර්මාණය කිරීම.
පුරාණ සුලං මෝල් ආකෘතියක්
Source : http://www.allempires.com/forum/forum_posts.asp?TID=27376 |
ක්‍රි.පූ. අවුරුදු 1 400 -
යපස් උණු කොට යකඩ ලබා ගැනීම ආරම්භ වීම. ලෝහ ආයුධ මතුපිට පන්නරය තැබීමට ද මිනිසා සමත් වූයේ මෙම කාල වකවානුවේ දී ය.
ක්‍රි.පූ. අවුරුදු 1 000 -
(Iron Age) අයන යුගය ආරම්භ වීම. මෙතැන් පටන් යුරෝපය ප්‍රධාන කොට ලොව විවිධ ප්‍රදේශවල යකඩ භාවිතා කොට ආයුධ සහ උපකරණ තැනීම පුළුල් ලෙස පැතිර යන ලදි.
හිමාල් චතුරංග හපුආරච්චි
No comments:
Post a Comment